බෘෘක් – රූට්ගේ 454 ක සුපිරි සම්බන්ධය හා බෘෘක්ගේ ත්‍රිත්ව ශතකය අලුත් කළ වාර්තා මෙන්න

Date:

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 4 වැනි කඩුල්ල සදහා ගොඩ නැගුණු හොදම සම්බන්ධතාවයේ ලෝක වාර්තාව අලුත් කිරීමට එංගලන්තයේ ජෝ රූට් හා හැරී බෘෘක් අද(10) සමත් වුණා.

ඒ, පාකිස්තානය සමග මුල්තාන්හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේදීයි.

එංගලන්ත පළමු ඉනිමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා ගොඩ නැගූ සම්බන්ධතාවය ලකුණු 454 (522) ක්.

මීට පෙර ටෙස්ට් ඉතිහාසයේ සිව්වැනි කඩුල්ලට ගොඩ නැගුණු හොදම සම්බන්ධතාවය වාර්තා කර තිබුණේ ඔස්ට්‍රේලියාවේ Adam Voges හා Shaun Marsh විසිනුයි. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව 2015 වසරේ දී පැවැති ටෙස්ට් තරගයකදී ඔවුන් දෙදෙනා සිව්වැනි කඩුල්ලට ලකුණු 449 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා.

රූට් හා බෘෘක් අද සිව්වැනි කඩුල්ලට රැස් කළ ලකුණු 454 ඉතිහාසගත වුණේ ටෙස්ට් ඉතිහාසයේ දී ඕනෑම කඩුල්ලකට වාර්තා වූ සිව්වැනි හොදම ලකුණු සම්බන්ධතාවය ලෙසයි.

එමෙන්ම එය එංගලන්තය වෙනුවෙන් ඕනෑම කඩුල්ලකට වාර්තා වූ ඉහළම ලකුණු සම්බන්ධතාවය ද වනවා. මීට පෙර එංගලන්තය වෙනුවෙන් හොදම සම්බන්ධතාවය ගොඩ නගා තිබුණේ Peter May හා Colin Cowdrey විසිනුයි. ඔවුන් දෙදෙනා කොදෙව්වන්ට එරෙහිව 1957 වසරේ දී සිව්වැනි කඩුල්ලට ලකුණු 411 ක සම්බන්ධතාවයක් ගොඩ නගා තිබුණා.

එංගලන්ත දෙවැනි ඉනිම වෙනුවෙන් ජෝ රූට් 262 ක් ලබා ගත් අතර, හැරී බෘෘක් විශිෂ්ඨ ත්‍රිත්ව ශතකයක් වාර්තා කරමින් ලකුණු 317 ක් ලබා ගත්තා.

බෘෘක් ඉතිහාසගත වුණේ එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් ත්‍රිත්ව ශතකයක් වාර්තා කළ 6 වැනි ක්‍රීඩකයා ලෙසයි. එමෙන්ම ඔහු පන්දු 310 කින් වාර්තා කළ ත්‍රිත්ව ශතකය ටෙස්ට් ඉතිහාසයේ වාර්තා වූ දෙවැනි වේගවත්ම ත්‍රිත්ව ශතකය ද වනවා. (වේගවත් ත්‍රිත්ව ශතක ලැයිස්තුව පහතින්)

පාකිස්තාන – එංගලන්ත පළමු ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය සියලු දෙනා දැවී ලකුණු 556 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස එංගලන්තය සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 7 ක් දැවී ලකුණු 823 ක් ලබා සිටියදීයි.

එංගලන්තය ලබා ගත් එම ලකුණු සංඛ්‍යාව ටෙස්ට් ඉතිහාසයේ දී කණ්ඩායමක් ඉනිමකදී වාර්තා කළ සිව්වැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ද වනවා. එංගලන්ත කණ්ඩායමක් වාර්තා කළ තෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ ද එයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...