බවුමාට අවසන් එක්දින තරගය අහිමි වෙයි – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියත් අවධානමේ

Date:

දකුණු අප්‍රිකා නායක ටෙම්බා බවුමාට අයර්ලන්තය සමග පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ වම් වැලමිටෙහි හටගෙන ඇති ආබාධයක් හේතුවෙන්.

34 හැවිරිදි ඔහු මෙම ආබාධයට මුහුණ දුන්නේ දෙරට අතර පැවැති දෙවැනි එක්දින තරගයේ දී පිතිකරණයේ නිරතව සිටින අතරතුර ලකුණු 35 ක් ලබා සිටියදීයි. අනතුරුව ඔහු පිටියෙත් ඉවත් වීමට තීරණය කළ අතර, ආබාධය නිසා ඔහුට පන්දු රැකීමට ද හැකියාවක් ලැබුණේ නැහැ.

ආබාධය හේතුවෙන් බවුමාට ඔක්තෝබර් 21 වැනිදා ආරම්භ වීමට නියමිත බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලිය ද අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා.

බවුමා වෙනුවට රීසා හෙන්ඩ්‍රික්ස් අයර්ලන්තයට එරෙහි එක්දින සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ටෙම්බා බවුමා නොමැති වීම නිසා තෙවැනි තරගයේ දී කණ්ඩායමේ නායකත්වය දැරීමේ වගකීම පැවරී ඇත්තේ රසී වැන් ඩර් ඩසන්ටයි.

පෞද්ගලික හේතුවක් මත තුන් ඉරියව් ක්‍රීඩක වියාන් මෝල්ඩර් ද යළි දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...