අර්ෂ්දීප්, වරුන් හා පාන්ඩ්යා ඉන්දියාවට සුපිරි ජයක් ගෙනෙයි

Date:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කරමින් තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම අද(6) සමත් වුණා.

Gwalior හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 19.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 127 ක් පමණයි.

මෙහිදි හසාන් මිරාස් ලකුණු 35 ක් නොදැවී රැස් කළ අතර, නජ්මුල් හොසේන් ශන්තෝ ලකුණු 27 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී අර්ෂ්දීප් සිං ලකුණු 14 කට කඩුලු 3 ක් ද, වරුන් චක්‍රවර්තී ලකුණු 31 කට කඩුලු 3 ක් ද බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 11.5 ක් පමණක් වැය කරමින් කඩුලු 3 ක් දැවී ලකුණූ 132 ක් ලබා ජයග්‍රහනය වාර්තා කිරීම කැපී පෙනුණා.

ආරම්භක පිතිකරුවන් වූ සංජු සැම්සන් පන්දු 19 කින් ලකුණු 29 ක් හා අභිෂේක් ෂර්මා පන්දු 7 කින් ලකුණු 16 ක් ලබා ගත්තා. සූර්යකුමාර් යාදව් පන්දු 14 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 29 ක්.

නිටිෂ් කුමාර් නොදැවී ලකුණු 16(15) ක් හා හර්ඩික් පාන්ඩ්යා නොදැවී ලකුණු 39(16) ක් ලබා ගනිමින් ඉන්දියාව ජයග්‍රහනය කරා රැගෙන ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...