අසලංකගේ ද්විත්ව ශතකය NSL එක්දින ශූරතාවය කොළඹට හිමි කර දෙයි

Date:

චරිත් අසලංක වාර්තා කළ සුපිරි ද්විත්ව ශතකය හේතුවෙන් නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට කොළඹ කණ්ඩායම සමත් වුණා. ඒ, දඹුල්ලේ පැවැති අවසන් මහා තරගයෙන් යාපනය පරදා ලකුණු 92 ක ජයක් වාර්තා කරමින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම පන්දුවාර 50 තුළ ලකුණු 413 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළේ කඩුලු හයක් දැවී සිටියදීයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ යාපනයට පන්දුවාර 47.1 ක් අවසනයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 321 ක් පමණයි.

කොළඹ කණ්ඩායම වෙනුවෙන් නායක චරිත් අසලංක පන්දු 142 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 206 ක්. ඔහුගේ ඉනිමට හයේ පහර 16 ක් හා හතරේ පහර 12 ක් ඇතුළත්. ඔහුගේ ඉනිම වාර්තා අතරට එක් වුණේ List A එක්දින තරගයක ශ්‍රී ලංකා පිතිකරුවෙකු වාර්තා කළ දෙවැනි ද්විත්ව ශතකය ලෙසයි. මීට පෙර පැතුම් නිස්සංක ඇෆ්ඝනිස්තාන පිලට එරෙහිව නොදැවී ලකුණු 210 ක් වාර්තා කර තිබුණා.

අවිශ්ක ප්‍රනාන්දු පන්දු 113 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 126 ක්. ඒ, හයේ පහර හයක් හා හතරේ පහර 10 ක් සමගින්. ලකුණු 4 දී දෙවැනි කඩුල්ල දැවී යාමෙන් පසුව ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලට ලකුණු 262 ක අගනා සම්බන්ධතාවයක් ගොඩ නැගුණා.

පන්දු යැවීමේ දී මතීෂ පතිරණ ලකුණු 85 කට කඩුලු 2 ක් හා ලහිරු මදුෂංක ලකුණු 77 කට කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ යාපනය පිල වෙනුවෙන් ද ශතකයක් රැස් කිරීමට ලහිරු මදුෂංක සමත් වීම කැපී පෙනුණා. ඔහු පන්දු 86 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 104 ක්. ඔහුගේ ඉනිමට හයේ පහර 4 ක් හා හතරේ පහර 10 ක් ඇතුළත්. රොන් චන්ද්‍රගුප්ත ලකුණු 56 (53) යි.

පන්දු යැවීමේ දී දිලුම් සුධීර ලකුණු 53 කට කඩුලු 3 ක් බිද හෙලූ අතර, නුවන් තුෂාර, දසුන් ශානක හා චරිත් අසලංක කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...