Women’s T20 World Cup : ඉන්දියාවට හා කොදෙව්වන්ට ජය

Date:

2024 කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගයෙන් පාකිස්තානය පරදා කඩුලු හයක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඩුබායි හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 8 ක් දැවී ලකුණු 105 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව ඉනිම නිමා වීමට පන්දු 7 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

ඉන්දීය හඹා යාම ශක්තිමත් කළ Shafali Verma ලකුණු 32 ක් රැස් කළ අතර, නායිකා Harmanpreet Kaur ලකුණු 29 ක් ලබා සිටියදී ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් වුණා. Jemimah Rodrigues ලකුණු 23 යි. පන්දු යැවීමේ දී Fatima Sana ලකුණු 23 කට කඩුලු දෙකක් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය වෙනුවෙන් Nida Dar ලකුණු 28 ක් රැස් කළ අතර, Muneeba Ali ලකුණු 17 කට දැවී ගියා. පන්දු යැවීමේ දී Arundhati Reddy ලකුණු 19 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

මේ අතර, තරගාවලියේ 8 වැනි තරගයේ දී ස්කොට්ලන්තය පරදා කඩුලු හයක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවන් සමත් වුණා.

ඩුබායිහි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්තයට පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 99 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කාන්තා කණ්ඩායම පන්දුවාර 11.4 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...