ශ්‍රී ලංකාව හමුවේ ලැබූ පරාජයත් සමග සවුති ඉල්ලා අස් වෙයි

Date:

නවසීලන්ත ටෙස්ට් නායක ටිම් සවුති සිය නායකත්ව ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා තරග සංචාරයේ දී ටෙස්ට් තරගාවලිය තරග 2-0 ක් ලෙස පරාජයට පත් වූ පසුබිමකයි.

ඒ අනුව නවසීලන්ත ටෙස්ට් කණ්ඩායමේ නව නායකයා ලෙස පත් කර ඇත්තේ ටොම් ලේතම්.

ටිම් සවුතිගේ නායකත්වයෙන් නවසීලන්ත කණ්ඩායම ටෙස්ට් තරග 14 ක් ක්‍රීඩා කර ඇති අතර, ඉන් තරග 6ක් ජය ගත් නවසීලන්තය තරග 6ක් පරාජයට පත් වුණා. ජය පරාජයෙන් තොරව අවසන් වූ තරග ගණන 2 ක්.

2022 වසරේ දී එවකට සිටි නායක කේන් විලියම්සන් අදාළ ධූරයෙන් ඉවත් වීමත් සමගයි ටිම් සවුතිට ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය හිමි වුණේ.

ශ්‍රී ලංකාව සමග ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගයේ දී නවසීලන්තය ප්‍රබල සටනක් ලබා දුන් නමුත්, ඔවුන් එම තරගයෙන් ලකුණු 63 ක පරාජයක් ලැබුවා. කෙසේ වෙතත්, දෙවැනි ටෙස්ට් තරගයේ දී නවසීලන්තයට ඉනිමක හා ලකුණු 154 ක දැවැන්ත පරාජයක් උරුම වුණා.

නවසීලන්තය ඉදිරියේ දී ඉන්දියාවට එරෙහිව තරග 3 කින් යුත් ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

සවුති වෙනුවට නායකයා ලෙස පත් කෙරුණු ටොම් ලේතම් මීට පෙර 2020 – 2022 අතර කාලයේ දී නවසීලන්ත ටෙස්ට් කණ්ඩායම තරග 9 කදී මෙහෙයවා තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...