බාබර් අසාම් වසරක් තුළ දෙවැනි වරටත් නායකත්වයෙන් ඉල්ලා අස් වෙයි

Date:

පාකිස්තාන සීමිත පන්දුවාර කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීමට බාබර් අසාම් තීරණය කර තිබෙනවා.

වසරක කාලයක් තුළ ඔහු නායකත්වයෙන් ඉවත් වූ දෙවැනි අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

සිය කාර්යය ප්‍රමාණය (workload) අවම කර ගැනීමේ අරමුණින් හා පිතිකරණය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණිනුයි ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ.

තමා පසුගිය මාසයේ දී සිය තීරණය සම්බන්ධයෙන් එරට ක්‍රිකට් ආයතනයට දැන් වූ බව බාබර් අසාම් සිය ට්විටර් (x) ගිණුමේ සටහනක් තබමින් සදහන් කළා.

“මගේ දක්ෂතාවලට ප්‍රමුඛත්වය දෙන්න, මගේ පිතිකරණය රසවිඳින්න, සහ මගේ පවුලේ අය සමඟ හොද කාලයක් ගත කරන්න” තමන් මෙම තීරණය ගත් බව ඔහු එම සටහනෙහි සදහන් කර තිබෙනවා.

පසුගිය වසරේ පැවැති එක්දින ලෝක කුසාලන ක්‍රිකට් තරගාවලියෙන් පසුව බාබර් අසාම් පළමු වරට සියලුම තරග රටාවල නායකත්වයෙන් ඉල්ලා අස් වුණා.

කෙසේ වෙතත්, ඉන් මාස 4කට පසුව ඔහුව යළිත් වරක් එක්දින හා විස්සයි 20 කණ්ඩායම්වල නායකත්වයට පත් කෙරුණා. ඉන් මාස හයකට පමණ පසුවයි බාබර් අසාම් මෙලෙස යළිත් සිය නායකත්වයට සමු දීමට පියවර ගෙන ඇත්තේ.

ඔහු නායකත්වයෙන් ඉවත් සිටි කාලයේ දී ශහීන් ශාහ් අෆ්රිඩි විස්සයි 20 කණ්ඩායමේ නායකයා ලෙස එක් තරගාවලියකදී පාකිස්තාන කණ්ඩායම මෙහෙයවා තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...