දින තුනේ ටෙස්ට් තරගයත් බංග්ලාදේශය කඩුලු 7කින් පරදියි

Date:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු හතක ජයක් වාර්තා කරමින් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම අද(1) සමත් වුණා.

වර්ෂාව හේතුවෙන් කන්පූර්හි පැවැති තරගයේ දෙවැනි හා තෙවැනි දින සම්පූර්ණයෙන්ම අත්හැර දැමීමට සිදු වූ අතර, පළමු දිනයේ දී ද පන්දුවාර 35 ක් පමණක් ක්‍රියාත්මක කළ පසුබිමකයි ඉන්දියාව මෙම තරගයෙන් විශිෂ්ඨ ජයක් වාර්තා කළේ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය සිව්වැනි දිනයේ දී සියලු දෙනා දැවී ලකුණු 233 ක් රැස් කළේ මොමිනුල් හක් නොදැවී රැස් කළ ලකුණු 107 න් ශක්තිමක් වෙමින්.

පිළිතුරු ලෙස ඉන්දියාව පන්දුවාර 34.4 ක් තුළ කඩුලු 9ක් දැවී ලකුණු 285 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා. එහිදී ඔවුන් ටෙස්ට් ඉතිහාසයේ කණ්ඩායමක් වාර්තා කළ වේගවත්ම 50, 100, 150, 200 හා 250 රැස් කරමින් වාර්තා පොත් අලුත් කිරීමට සමත් වුණා. යශස්වි ජයිස්වාල් ලකුණු 72(51) ක් රැස් කළ අතර, කේ එල් රාහුල් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 68(43) ක්. මෙහිදි හසාන් මිරාස් හා ශකිබ් අල් හසාන් කඩුලු 4 බැගින් බිද හෙලුවා.

තරගයේ අවසන් දිනය වූ අද දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 2 ක් දැවී ලකුණු 26 ක් ලබා සිටි අතර, ඔවුන්ට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 146 ක් පමණයි. ශඩ්මන් ඉස්ලාම් ලකුණු 50 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රා, ආර් අශ්වින් හා රවීන්ද්‍ර ජඩේජා කඩුලු 3 බැගින් බිද හෙලුවා.

අනතුරුව තරගය ජය ගැනීම සදහා ලකුණු 95 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියාව කඩුලු 3 ක් දැවී ජයග්‍රහනය වාර්තා කළා. යශස්වි ජයිස්වාල් ලකුණු 51(45) යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...