ICC Rankings : බුම්රා එක වෙද්දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් ඉදිරියට

Date:

නවතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් අද(2) නිවේදනය කළා.

ඊට අනුව නවසීලන්තයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ දී දක්ෂතා දැක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.

දෙවැනි ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ ඉනිමේ දී නොදැවී ලකුණු 182 ක් ලබා ගත් කමිදු මෙන්ඩිස් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 11 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව ඇත්තේ ස්ථාන පහකින්.

එම තරගයේ දී ශතක රැස් කළ දිනේෂ් චන්දිමාල් 20 වැනි ස්ථානය දක්වා ස්ථාන 6 කින් ද, කුසල් මෙන්ඩිස් 43 වැනි ස්ථානය දක්වා ස්ථාන 8කින් ද ඉදිරියට පැමිණ තිබෙනවා.

ඇන්ජෙලෝ මැතිව්ස් 23 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 4 කින්. දිමුත් කරුණාරත්න 17 වැනි ස්ථානයේම රැදී සිටින අතර, ධනංජය ද සිල්වා 18 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් පසු බැස තිබෙනවා. පැතුම් නිස්සංක 50 වැනි ස්ථානය දක්වා පසුබැස ඇත්තේ ස්ථාන 6 කින්.

මේ අතර, පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් සම 7 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය සමත්ව තිබෙනවා. අසිත ප්‍රනාන්දු 13 වැනි ස්ථානයේ තවදුරටත් රැදී සිටිනවා.

නවසීලන්තයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගනිමින් කඩුලු 9ක් දවා ගත් නිශාන් පීරිස් ද ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලට ඇතුළත්ව ඇති අතර, ඔහුට හිමිව ඇත්තේ 59 වැනි ස්ථානයයි.

මේ අතර, පන්දු යවන්නන් අතර මෙතෙක් දෙවැනි ස්ථානයේ පසු වූ ඉන්දියාවේ ජස්ප්‍රිට් බුම්රා මේ වන විට යළි පළමු ස්ථානය හිමි කර ගෙන සිටිනවා. ඒ, බංග්ලාදේශයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ දී දැක් වූ දක්ෂතා හේතුවෙන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...