IPL 2025 : රදවා ගන්නා ක්‍රීඩකයින් ලැයිස්තුව නිවේදනය කරන්න ඔක්තෝබර් 31 දක්වා කල් දෙයි

Date:

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට පෙර ඒ ඒ කණ්ඩායම් විසින් සිය සංචිතයේ රදවා ගන්නා ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව නිවේදනය කිරීම සදහා ඔක්තෝබර් 31 වැනිදා දක්වා අවස්ථාව ලබා දී තිබෙනවා.

එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 6 දෙනෙකු සිය සංචිතයේ රදවා ගත හැකි බවයි තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කළේ.

එම ක්‍රීඩකයින් අතරට අවම වශයෙන් මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති එක් ඉන්දීය ක්‍රීඩකයෙකු (උපරිමය ක්‍රීඩකයින් දෙදෙනෙක්) ද ඇතුළත් විය යුතු අතර, රදවා ගන්නා සෙසු ක්‍රීඩකයින් ඉන්දීය හෝ විදෙස් ක්‍රීඩකයින් ලෙස තෝරා ගත හැකියි.

මෙම ක්‍රීඩකයින් හය දෙනා සෘජුවම රදවා ගනිමින් හෝ RTM (Right to Match) ක්‍රමවේදය එනම්, සිය සංචිතයේ පසුගිය වසරේ දී රැදී සිටි ක්‍රීඩකයෙකුට වෙන්දේසියේ දී වෙනත් කණ්ඩායමකින් හිමි වන ඉහළම ලංසු මුදල ගෙවා යළි තම කණ්ඩායමට මිලදී ගැනීමට ලැබෙන ක්‍රමවේදය යටතේ ලබා ගත හැකියි.

ක්‍රීඩකයින් මිලදී ගැනීම සදහා එක් කණ්ඩායමකට මෙවර වෙන්දේසියේ දී ඉන්දීය රුපියල් කෝටි 120 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 427) මුදලක් වියදම් කළ හැකියි. එය පසුගිය වසරට වඩා ඉන්දීය රුපියල් කෝටි 20 ක ඉහළ අගයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...