Watch : කෝලි දවා ගන්න ලැබුණු පහසුම අවස්ථාවක් බංග්ලාදේශ ක්‍රීඩකයාට මග හැරුණු අපූරුව

Date:

ඉන්දියාව හා බංග්ලාදේශය අතර කන්පූර්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි(30).

අද දිනයේ දී ඉන්දීය පළමු ඉනිම අතරතුර දී විරාත් කෝලි දුවද්දී දවා ගැනීමට ලැබුණු පහසු අවස්ථාවක් බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක කලෙඩ් අහ්මඩ් අතින් ගිලිහී යාම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදුවීමක් බවට පත් වුණා.

කෝලි ලකුණු දෙකක් ලබා සිටියදී එල්ල කළ පහරකින් පසුව ඉක්මන් ලකුණක් කරා දිව යාමට උත්සාහ කළ නමුත්, අනෙක් අන්තයේ රැදී සිටි රිෂාබ් පාන්ට් ලකුණ කරා දිව යන අතරමගදී කෝලිට ආපසු හැරී යන්නැයි සංඥා කළා.

කෙසේ වෙතත්, ඒ වන විට කෝලිට ආපසු හැරී යාමට තරම් වේලාවක් ඉතිරිව නොතිබූ අතර, පන්දුව අතට ගත් කලෙඩ් අහ්මඩ් කඩුල්ල ආසන්නයටම ළගා වී තිබුණා.

නමුත්, කිසිවෙකුත් අපේක්ෂා නොකළ පරිදි අතින් කඩුල්ල බිද දමනවා වෙනුවට කලෙඩ් අහ්මඩ් විසින් පන්දුව කඩුල්ලට විසි කිරීමට කටයුතු කළා.

එම අවස්ථාවේ දී පන්දුව කඩුල්ලේ නොවැදුණු අතර, ඒ අනුව විරාත් කෝලි යළි කඩිනමින් සිය සීමාව කරා පැමිණීමට කටයුතු කළා(දර්ශන පහතින්). කෝලි මෙම ඉනිමේ දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 47 ක්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 233 ක්. තරගයේ දෙවැනි හා තෙවැනි දින වර්ෂාව හා ක්‍රීඩාංගනයේ තෙත සහිත තත්ත්වය හේතුවෙන් සම්පූර්ණයෙන් අත්හැර දැමීමට සිදු වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...