ඇෆ්ඝනිස්තානය හා බංග්ලාදේශය අතර එක්දින තරගාවලියකට දින නියම වෙයි

Date:

ඇෆ්ඝනිස්තාන හා බංග්ලාදේශය අතර නොවැම්බර් මාසයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, තරග පැවැත්වෙන ක්‍රීඩාංගන සම්බන්ධයෙන් තොරතුරු ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය මෙතෙක් නිවේදනය කර නැහැ.

පසුගිය ජූනි මාසයේ දී දෙරට අතර තරග රටා සියල්ලෙන්ම යුතු තරගාවලි පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හා ඉන්දියාවේ පැවැති දැඩි උණුසුම් කාළගුණය හේතුවෙන් බංග්ලාදේශය එම තරගාවලි ක්‍රීඩා කිරීම එම අවස්ථාවේ දී ප්‍රතික්ෂේප කර තිබුණා.

නමුත් නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ එක්දින තරගාවලිය පමණයි. නොවැම්බර් 6, 9 හා 11 යන දිනවලදී එක්දින තරග තුන පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...