අදයර් සහෝදරයින් දකුණු අප්‍රිකාවට එරෙහිව අයර්ලන්තයට ඓතිහාසික ජයක් හිමි කර දෙයි

Date:

අදයර් සහෝදරයින්ගේ විශිෂ්ඨ දක්ෂතා හමුවේ දකුණු අප්‍රිකාවට එරෙහිව පළමු වරට විස්සයි 20 ජාත්‍යන්තර තරගයක් ජය ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති දෙවැනි විස්සයි 20 තරගයෙන් අයර්ලන්තය ලකුණු 10 ක ජයක් වාර්තා කරමින්. ඒ අනුව තරගාවලිය තරග 1-1 ක් ලෙස සම මට්ටමින් අවසන් වුණා.

අබුඩාබි හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තය කඩුලු 6 ක් දැවී ලකුණු 195 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට කඩුලු 9 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 185 ක් පමණයි.

අයර්ලන්ත ඉනිම වෙනුවෙන් රෝස් අදයර් ලකුණු 100 ක් ලබා ගත්තේ පන්දු 58 කින්. හයේ පහර 9ක් හා හතරේ පහර 5 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. නායක පෝල් ස්ටර්ලින් ලකුණු 52(31) යි.

පන්දු යැවීමේදී වියාන් මෝල්ඩර් ලකුණු 51 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළේ ආරම්භක පිතිකරු රීසා හෙන්ඩ්‍රික්ස් හා අංක 3 පිතිකරු Matthew Breetzke. ඔවුන් දෙදෙනාම ලකුණු 51 බැගින් ලබා ගත්තා. ආරම්භක පිතිකරුවෙකු වූ Ryan Rickelton ලකුණු 36 කට දැවී ගියා. සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කළේ නැහැ.

පන්දු යැවීමේ දී මාර්ක් අදයර් ලකුණු 31 කට කඩුලු 4 ක් දවා ගත් අතර, ග්‍රැහැම් හියුම් ලකුණු 25 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...