හෙඩ්, ශෝර්ට්ගේ දක්ෂතා හමුවේ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට

Date:

එංගලන්ත කණ්ඩායම සමග පැවැති තරග 5 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 49 ක ජයක් වාර්තා කරමින් තරග 3-2 ක් ලෙස එක්දින තරගාවලිය ජය ගැනීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

බ්‍රිස්ටල්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 49.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 309 ක් රැස් කළා. ඒ, ඔවුන්ගේ තෙවැනි කඩුල්ල 25 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේ දී මුළු ලකුණු සංඛ්‍යාව 202 ක් ලෙස සටහන්ව තිබියදී දැවී ගිය පසුබිමකයි.

ආරම්භක පිතිකරු පිල් සෝල්ට් ලකුණු 45 කට දැවී ගිය අතර, ඔහු සමග ඉනිම ආරම්භ කළ බෙන් ඩකට් පන්දු 91 කින් ලකුණු 107 ක් ලබා ගත්තේ හයේ පහර 2ක් හා හතරේ පහර 13 ක් සමගින්. හැරී බෘෘක් හයේ පහර 7 ක් හා හතරේ පහර 3 ක් සමගින් ලකුණු 72(52) ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 132 (98) ක්.

කෙසේ වෙතත්, අනතුරුව එංගලන්ත ඉනිමේ කඩා වැටීමක් සිදු වූ අතර, අඩිල් රෂීඩ් ලකුණු 36 ක් රැස් කරමින් සිය කණ්ඩායම ලකුණු 300 සීමාව පසු කර රැගෙන යාමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ට්‍රැවිස් හෙඩ් ලකුණු 28 කට කඩුලු 4 ක් දවා ගත් අතර, ආරෝන් හාර්ඩි, ඇඩම් සම්පා හා ග්ලේන් මැක්ස්වෙල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු ඉනිමට පන්දුවාර 20.4 ක් අවසානයේ දී වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ වන විට ඔවුන් කඩුලු දෙකක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 165 ක්. ඒ වන විට ඔවුන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ තරගය ජය ගැනීම සදහා ලබා ගත යුතුව තිබූ ඉලක්කය ලකුණු 117 ක්.

මැතිව් ශෝර්ට් පන්දු 30 කින් ලකුණු 58 ක් රැස් කළා. ට්‍රැවිස් හෙඩ් ලකුණු 31ක්, ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 36 ක් හා ජොෂ් ඉන්ග්ලිස් නොදැවී ලකුණු 28 ක් ලබා ගත්තා.

අවසන් තරගයේ හා තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ ට්‍රැවිස් හෙඩ්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...