ගම්භීර් වෙනුවට බ්‍රාවෝ නයිට් රයිඩර්ස් සමග එක් වෙයි

Date:

බටහිර ඉන්දීය කොදෙව් හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වේයන් බ්‍රාවෝ 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ (KKR) උපදේශක ලෙස පත් කර තිබෙනවා.

කොල්කටා කණ්ඩායමට අමතරව එම කණ්ඩායමේ හිමිකාරීත්වයට අයත් ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස්(CPL), ලොස් ඇන්ජලීස් නයිට් රයිඩර්ස්(MLC) හා අබුඩාබි නයිට් රයිඩර්ස් (ILT20) යන කණ්ඩායම්වල ද ඔහු උපදේශක ලෙස කටයුතු කිරීමට නියමිතයි.

මීට පෙර කොල්කටා කණ්ඩායමේ උපදේශක ලෙස පසුගිය අදියරේ දී ගෞතම් ගම්භීර් කටයුතු කළ අතර, එම අදියරේ දී KKR කණ්ඩායම IPL ශූරතාවය ද දිනා ගත්තා.

කෙසේ වෙතත්, ගම්භීර් ඉන්දීය ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමත් සමග කොල්කටා කණ්ඩායමේ උපදේශක තනතුර පුරප්පාඩු වුණා.

තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කළ බව ඩ්වේයන් බ්‍රාවෝ තහවුරු කර ඇති පසුබිමකයි මෙම නව තනතුර ඔහුට හිමිව ඇත්තේ. විස්සයි 20 ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා වන්නේ ද 41 හැවිරිදි ඔහුයි.

මීට පෙර 2023 වසරේ සිට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ද බ්‍රාවෝ කටයුතු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...