2025 IPL තරගාවලියට ඇතුළත් තරග ප්‍රමාණය යළි සංශෝදනය කෙරේ

Date:

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ද තරග 74 ක් පමණක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, 2022 වසරේ දී 2023-27 වසරවලට අදාළව රූපවාහිනී හා ඩිජිටල් විකාශන අයිතිය අලෙවි කිරීමේ දී ප්‍රකාශ කර තිබුණේ 2025 අයි.පී.එල් තරගාවලියට ඇතුළත් තරග ගණන 84 ක් දක්වා ඉහළ නංවන බවටයි.

2023 හා 2024 වසරවලදී අයි.පී.එල් තරගාවලියට තරග 74 ක් බැගින් පැවැත්වීමටත්, 2025 හා 2026 වසරවලදී අයි.පී.එල් තරගාවලියට තරග 84ක් බැගින් පැවැත්වීමටත්, 2027 වසරේ දී එය තරග 94 ක් දක්වා ඉහළ නැංවීමටත් සැලසුම් කර තිබුණා.

නමුත්, පසුගිය තරග වාර තුනේදී මෙන්ම 2025 අයි.පී.එල් තරගාවලියට ද තරග 74 ක් පමණක් ඇතුළත් කිරීමටයි මේ වන විට තීරණය කර ඇත්තේ.

ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කරන ආකාරයට ඉන්දීය ජාත්‍යන්තර ක්‍රීඩකයින්ට නිසි විවේකයක් ලබා දෙමින් ඔවුන්ගේ කාර්යය ප්‍රමාණය (workload) කලමනාකරණය කිරීමට සහාය වීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව සදහන්.

2025 වසරේ ජූනි 11 වැනිදා ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිත අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට ඉන්දියාව සුදුසුකම් ලබා ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති අතර, එය ද සලකා බලා ක්‍රීඩකයින්ට අවශ්‍ය විවේකය ලබා දීමේ අරමුණින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අයි.පී.එල් තරගාවලියේ තරග ප්‍රමාණය ඉහළ නොදැමීමට තීරණය කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...