ජොෂ් හොල්ට පාකිස්තාන සංචාරයත් අහිමි වෙයි

Date:

ආබාධයකට ලක්ව සිටින එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හොල්ට එළඹෙන පාකිස්තාන තරග සංචාරයෙන් ද ඉවත් වීමට සිදුව තිබෙනවා.

ශ්‍රී ලංකාව සමග පැවැති අවසන් ටෙස්ට් තරගයේ දී 20 හැවිරිදි ඔහු ටෙස්ට් වරම් දිනූ අතර, එම තරගයේ දීයි ජොෂ් හොල් ආබාධයකට ද ලක් වුණේ.

ආබාධය නිසා ඔහුට ඔස්ට්‍රේලියාව සමග මේ දිනවල පැවැත්වෙන සීමිත පන්දුවාර තරගාවලි ද අහිමි වුණා.

ජොෂ් හොල් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු සංචිතයට ආදේශ කිරීමට පියවර ගෙන නැහැ.

ඒ අනුව 16 දෙනෙකුගෙන් යුත් එංගලන්ත සංචිතයේ ක්‍රීඩකයින් ලබන පළමු වැනිදා පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිත අතර, පළමු ටෙස්ට් තරගය ඔක්තෝබර් 7 වැනිදා මුල්තාන්හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...