වර්ෂාවෙන් පළමු දිනයට දැඩි බාධා – බංග්ලාදේශය 107/3

Date:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(27) කන්පූර්හී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව බංග්ලාදේශයට ලබා දුන් අතර, වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් අද දිනයේ දී ක්‍රියාත්මක කෙරුණේ පන්දුවාර 35 ක් පමණයි.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 3 ක් දැවී ලකුණු 107 ක් ලබා සිටියා.

ආරම්භක පිතිකරුවන් වූ සාකීර් හසාන් ලකුණු නොලබා සිටියදීත්, ශඩ්මන් ඉස්ලාම් ලකුණු 24 කටත් දැවී ගියා. නජ්මුල් හොසේන් ශන්තෝ දැවී ගියේ ලකුණු 31 ක් ලබා සිටියදීයි.

මොමිනුල් හක් නොදැවී ලකුණු 40 ක් හා මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 6ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී ආකාශ් දීප් කඩුලු 2 ක් හා රවිචන්ද්‍රන් අශ්වින් කඩුල්ලක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...