Watch : මිචෙල් ස්ටක්ට ලිවින්ග්ස්ටන්ගෙන් වාර්තාගත දරුණු ප්‍රහාරයක් – 6, 0, 6, 6, 6, 4

Date:

එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන සිව් වැනි එක්දින ක්‍රිකට් තරගයේ දී ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කිරීමට එංගලන්තයේ ලියම් ලිවින්ග්ස්ටන් අද(27) සමත් වුණා.

වර්ෂාව හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 39 කට සීමා කිරීමට සිදු වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 5 ක් දැවී ලකුණු 312 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

නායක හැරී බෘෘක් ලකුණු 87 ක් රැස් කළේ පන්දු 58 කින්. බෙන් ඩකට් ලකුණු 63(62) යි.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ලිවින්ග්ස්ටන් පන්දු 27 ක් පමණක් වැය කරමින් නොදැවී ලකුණු 62 ක් ලබා ගත්තේ හයේ පහර 7 ක් හා හතරේ පහර 3 ක් සමගින්.

ඉනිමේ අවසන් පන්දුවාරයේ දී මිචෙල් ස්ටක්ට එරෙහිව ඔහු ලකුණු 28 ක් වාර්තා කිරීම කැපී පෙනුණා.

එම පන්දුවාරයේ දී ලිවින්ග්ස්ටන් පිළිවෙලින් ලකුණු 6, 0, 6, 6, 6, 4 ක් රැස් කළා.

මිචෙල් ස්ටක්ගේ මෙම පන්දුවාරය ඉතිහාසගත වුණේ එක්දින ජාත්‍යන්තර තරගයක එක් පන්දුවාරයකදී ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෙක් ලබා දුන් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...