දකුණු අප්‍රිකාවට සැනසුම්දායක ජයක් – තරගාවලියේ ජය ඇෆ්ඝනිස්තානයට

Date:

දකුණු අප්‍රිකාව සමග පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු හතක පරාජයක් අත්කර ගැනීමට ඇෆ්ඝනිස්තාන කණ්ඩායමට සිදු වුණා.

කෙසේ වෙතත්, තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගත්තේ ඇෆ්ඝනිස්තාන කණ්ඩායමයි.

සාජා හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය පන්දුවාර 34 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 169 ක් පමණයි.

රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 89 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී ලුන්ගි එන්ගිඩී, ඇන්ඩිල් පෙහ්ලුක්වායෝ හා Nqabayomzi Peter කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව පන්දුවාර 33 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඒඩ්න් මාක්‍රම් නොදැවී ලකුණු 69 ක් ලබා ගත් අතර, ටෝනි ද සෝර්සි හා ට්‍රිස්ටන් ස්ටබ්ස් (නොදැවී) ලකුණු 26 බැගින් ලබා ගත්තා‍.

දෙරට අතර පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ඝනිස්තානය කඩුලු හයක ජයක් ද, දෙවැනි එක්දින තරගයෙන් ඇෆ්ඝනිස්තානය ලකුණු 177 ක ජයක් ද වාර්තා කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...