ගාලු ජයත් සමග ශ්‍රී ලංකාව WTC ප්‍රසාද ලකුණු සටහනේ ස්ථාන දෙකකින් ඉදිරියට

Date:

නවසීලන්තය පරදා පළමු ටෙස්ට් තරගයෙන් ලැබූ ජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට මේ වන විට සමත්ව තිබෙනවා.

ඒ, මෙතෙක් ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ තරග අටෙන් තරග 4 ක් ජය ගනිමින් 50% ක ලකුණු ප්‍රතිශතයක් හිමි කර ගනිමින්.

ගාලු ටෙස්ට් තරගය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකාව 42.86% ක ලකුණු ප්‍රතිශතයක් සමග ප්‍රසාද ලකුණු සටහනේ රැදී සිටියේ 5 වැනි ස්ථානයේයි.

අද ලැබූ ලකුණු 63 ක ජය හේතුවෙන් 2025 වසරේ දී පැවැත්වීමට නියමිත ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු තවදුරටත් ඉහළ මට්ටමක රදවා ගැනීමට ද ශ්‍රී ලංකාවට හැකි වී තිබෙනවා.

මේ අතර, ඊයේ බංග්ලාදේශය පරදා පළමු ටෙස්ට් තරගයෙන් ලැබූ ලකුණු 280 ක ජයත් සමග ඉන්දියාව ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ සිය පෙරමුණ තවදුරටත් ශක්තිමත් කර ගැනීමට සමත් වුණා.

ඔවුන් මේ වන විට තරග 10කින් තරග 7 ක් ජය ගෙන 71.67% ක ලකුණු ප්‍රතිශතයකට හිමිකම් කියනවා.

ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැදී සිටින්නේ 62.50% ලකුණු ප්‍රතිශතයක් ලබා ඇති ඔස්ට්‍රේලියාවයි. ඔවුන් තරග 12 කින් තරග 8ක් ජය ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...