ආබාධයක් නිසා දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකාවෙන් වෙනසක්

Date:

නවසීලන්තය සමග පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට දග පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

ආබාධයකට ලක්ව සිටින විශ්ව ප්‍රනාන්දු වෙනුවට ඔහුව සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

පුහුණුවීම් අතරතුර විශ්ව ප්‍රනාන්දුගේ දකුණු පාදයේ එම ආබාධය සිදුව ඇති අතර, ඒ අනුව ඔහුගේ ආබාධය සුව කර ගැනීමට අවශ්‍ය පුනරුත්තාපන කටයුතු සදහා ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව දෙවැනි ටෙස්ට් තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ අංශයේ වෙනසක් සිදු කළහොත්, බොහෝ විට නිශාන් පීරිස්ට ටෙස්ට් වරම් හිමි කර ගැනීමට අවස්ථාවක් උදා වනු ඇති.

27 හැවිරිදි ඔහු පළමු පෙල තරග 41 කදී කඩුලු 172 ක් දවා ගෙන තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 26 වැනිදා ගාල්ලේ දී ම ආරම්භ වීමට නියමිතයි.

පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 63 ක ජයක් ලැබූ ශ්‍රී ලංකාව මේ වන විට තරග 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...