අෆ්‍රෝ-ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලිය යළිත්?

Date:

අෆ්‍රෝ-ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලිය යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව ක්‍රික්බස් වෙබ් අඩිවිය වාර්තා කර තිබෙනවා.

අප්‍රිකානු කණ්ඩායම හා ආසියානු කණ්ඩායම අතර සංවිධාන කෙරුණු මෙම තරගාවලිය පළමු වරට 2005 වසරේ දී පැවැති අතර, 2007 තරගාවලියෙන් පසුව එම තරගාවලිය අත්හිටුවනු ලැබුවා.

කෙසේ වෙතත්, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් හා ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපතිවරයා වන ජේ ශාහ්ගේ මැදිහත් වීමෙන් මෙම තරගාවලිය යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් මීට වසර දෙකකට පමණ පෙර සාකච්ඡා කටයුතු ආරම්භ කර තිබෙනවා.

වයස අවුරුදු 19න් පහළ, නැගීඑන හා ජාතික කණ්ඩායම් අතර තරගාවලි ලෙස මෙම අන්තර් මහද්වීපික තරගාවලි ඉදිරියේ දී පැවැත්වීමටයි මේ වන විට අවධානය යොමු කර ඇත්තේ.

කෙසේ වෙතත්, ජේ ශාහ් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සභාපතිවරයා බවට පත් වීමට නියමිතව තිබීමත්, පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති Mohsin Naqvi ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපතිවරයා වීමට නියමිතව තිබීමත් සමග මෙම කටයුතු තරමක් ප්‍රමාද වනු ඇති බව සදහන්.

2005 වසරේ පැවැති පළමු අෆ්‍රෝ-ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්දින තරග 3ක් ඇතුළත් වූ අතර, තරගාවලිය දකුණු අප්‍රිකාවේ දී පැවැත්වුණා. එම තරගාවලිය තරග 1-1 ක් ලෙස අවසන් වුණේ ජය පරාජයෙන් තොරවයි. ඒ, තෙවැනි තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව අවසන් වීම හේතුවෙන්.

2007 වසරේ දී ඉන්දියාවේ දී පැවැති එක්දින තරගාවලිය තරග 3-0 ක් ලෙස ජය ගත්තේ මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් ආසියානු කණ්ඩායමයි. තරගාවලියේ වීරයා සම්මානය ද මහේලට හිමි වුණා. එම වසරේ දී විස්සයි 20 තරගයක් ද පැවැති අතර, එම තරගය ද ආසියානු කණ්ඩායම ජය ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...