Watch : පිට පිට පන්දු තුනකදී එංගලන්තය දවා ගත් සුපිරි කඩුලු තුන

Date:

ඔස්ට්‍රේලියාව සමග පැවැති පළමු පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයේ දී පිට පිට විශීෂ්ඨ පන්දු තුනක් යොමු කරමින් ඔස්ට්‍රේලියානු ඉනිමේ 7 වැනි, 8 වැනි හා 9 වැනි කඩුලු දවා ගැනීමට එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩකයින් දෙදෙනෙකු වන ජොෆ්ර ආචර් හා සකිබ් මහ්මූද් සමත් වුණා.

කෙසේ වෙතත්, මෙම තරගයෙන් ලකුණු 28 ක ජයක් වාර්තා කිරීමට සමත් වුණේ සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමයි.

සවුත්හැම්ටන්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු පිල පන්දුවාර 19.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 179 ක් ලබා ගත්තා.

ඒ, පවර්ප්ලේ අවස්ථාව නිමා වන විට ඔවුන් කඩුල්ලක් දැවී ලකුණු 86 ක් ලබා සිටි පසුබිමකයි. අනතුරුව හොදින් තරගයට අවතීර්ණ වූ එංගලන්ත පන්දු යවන්නන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 200 සීමාව ඉක්මවා යාමට අවස්ථාවක් ලබා දුන්නේ නැහැ.

නමුත්, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 19.2 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 151 ක් පමණයි.

ඔස්ට්‍රේලියානු ඉනිමේ 18 වැනි පන්දුවාරයේ අවසන් පන්දු දෙකේ දී කෙළින්ම පන්දුව කඩුල්ලේ වැදීමට සලස්වමින් ජොෆ්ර ආචර් විසින් ශෝන් ඇබෝට්ගේ හා Xavier Bartlett ගේ කඩුලු දවා ගැනීමට සමත් වුණා.

අනතුරුව 19 වැනි පන්දුවාරයේ පළමු පන්දුව ද කෙළින්ම කඩුල්ලේ වැදීමට සලස්වමින් සකිබ් මහ්මූද් විසින් කැමරන් ග්‍රීන්ගේ කඩුල්ල දවා ගත්තා.

දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...