ඉන්දියාවට එරෙහි බංග්ලාදේශ ටෙස්ට් සංචිතය නම් කෙරේ

Date:

ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන බංග්ලාදේශ සංචිතය නම් කර තිබෙනවා.

මෑතකදී පාකිස්තානය පරදා තරග 2-0 ක් ලෙස ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයක් ලැබූ බංග්ලාදේශ සංචිතය හා සැසදීමේ දී මෙම සංචිතයට එක් වෙනස්කමක් සිදු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව පාකිස්තානයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දී ආබාධයකට ලක් වීම නිසා දෙවැනි ටෙස්ට් තරගය ක්‍රීඩා නොකළ ශොරිෆුල් ඉස්ලාම් වෙනුවට මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති ජේකර් අලී සංචිතයට කැදවා තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය සැප්තැම්බර් 19 වැනිදා චෙන්නායි හී දී ආරම්භ වීමට නියමිතයි. දෙවැනි තරගය සැප්තැම්බර් 27 වැනිදා කන්පූර්හී දී ආරම්භ වනවා.

මෙම ටෙස්ට් තරගාවලිය අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට අයත් තරගාවලියක් වනවා.

Bangladesh squad for India Tests :

Najmul Hossain Shanto (c), Shadman Islam, Zakir Hasan, Mominul Haque, Mushfiqur Rahim, Shakib Al Hasan, Litton Das, Mehidy Hasan Miraz, Jaker Ali, Taskin Ahmed, Hasan Mahmud, Nahid Rana, Taijul Islam, Mahmudul Hasan Joy, Nayeem Hasan, Khaled Ahmed

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...