හෙඩ්ගේ සුපිරි ප්‍රහාරය හමුවේ ඔස්ට්‍රේලියාවට ලකුණු 28 ක ජයක් (Video)

Date:

ට්‍රැවිඩ් හෙඩ් වාර්තා කළ වේගවත් අර්ධ ශතකය හමුවේ එංගලන්තය සමග පැවැති පළමු පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 28 ක ජයක් වාර්තා කිරීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

සවුත්හැම්ටන්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු පිල පන්දුවාර 19.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 179 ක් ලබා ගත්තා. ඒ, පවර්ප්ලේ අවස්ථාව නිමා වන විට ඔවුන් කඩුල්ලක් දැවී ලකුණු 86 ක් ලබා සිටි පසුබිමකයි.

ඉනිමට සුපිරි ආරම්භයක් ලබා දුන් ට්‍රැවිස් හෙඩ් පන්දු 23 කින් වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 59 ක්. ඔහුගේ ඉනිමට හයේ පහර 4 ක් හා හතරේ පහර 8 ක් ඇතුළත්.

පන්දු 19 කින් ඔහු අර්ධ ශතකය වාර්තා කළ අතර, සෑම් කරන් යොමු කළ පන්දුවාරයකට ට්‍රැවිස් හෙඩ් ලකුණු 30 ක් රැස් කිරීම ද කැපී පෙනුණා.

හෙඩ් සමග ඉනිම ආරම්භ කළ මැතිව් ශෝර්ට් ලකුණු 41(26) ක් හා ජොෂ් ඉන්ග්ලිස් ලකුණු 37(27) ක් රැස් කළා.

ලියම් ලිවින්ග්ස්ටන් ලකුණු 22 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ජොෆ්ර ආචර් හා සකිබ් මහ්මූද් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 19.2 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 151 ක් පමණයි.

ලියම් ලිවින්ග්ස්ටන් ලකුණු 37(27) ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී ශෝන් ඇබෝට් ලකුණු 28 කට කඩුලු 3 ක් ද, ජොෂ් හේසල්වුඩ් හා ඇඩම් සම්පා කඩුලු 2 බැගින් ද බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...