ඕෂද හා ඉසිත ශ්‍රී ලංකා A කණ්ඩායමට කඩුලු හයක ජයක් හිමි කර දෙයි

Date:

ඕෂද ප්‍රනාන්දුගේ විශිෂ්ඨ පිතිහරඹයත්, ඉසිත විජේසුන්දරගේ විශිෂ්ඨ පන්දු යැවීමත් හමුවේ දකුණු අප්‍රිකා A කණ්ඩායම සමග පැවැති පළමු සිව්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු හයක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා A කණ්ඩායම අද(11) සමත් වුණා.

Kimberley හී දී පැවැති තරගය අද දිනයට ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 174 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකා A කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 34 ක් ලබා සිටි අතර, ඔවුන් කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

ඕෂද ප්‍රනාන්දු ලකුණු 80 ක් රැස් කළ අතර, ලහිරු උදාර ලකුණු 26 කට දැවී ගියා. ජනිත් ලියනගේ නොදැවී ලකුණු 23 ක් රැස් කළා. පසිදු සූරියබණ්ඩාර ලකුණු 22යි. පන්දු යැවීමේ දී Codi Yusuf කඩුලු දෙකක් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා A කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 372 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස ශ්‍රී ලංකා A කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 323 ක්. පළමු ඉනිම වෙනුවෙන් ඕෂද ප්‍රනාන්දු ලකුණු 122 ක් ලබා ගත් අතර, පසිදු සූරියබණ්ඩාර ලකුණු 61 ක් රැස් කළා.

අනතුරුව දකුණු අප්‍රිකා A දෙවැනි ඉනිම ලකුණු 124 කට සීමා කිරීමට ශ්‍රී ලංකා A පන්දු යවන්නන් සමත් වුණා. ඒ, සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් ඉසිත විජේසුන්දර ලකුණු 34 කට බිද හෙලූ කඩුලු 7 හමුවේයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...