නවකයින් තිදෙනෙකු සමග ඇෆ්ඝනිස්තාන ටෙස්ට් සංචිතය නම් කෙරේ

Date:

නවසීලන්තය සමග සැප්තැම්බර් 9 වැනිදා ඉන්දියාවේ Greater Noida හී දී ආරම්භ වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන ඇෆ්ඝනිස්තාන සංචිතය නම් කර තිබෙනවා.

හෂ්මතුල්ලාහ් ශහීඩිගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

සංචිතය සදහා මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති ආරම්භක පිතිකරුවෙකු වන Riaz Hassan, දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක Shams Ur Rahman හා වේග පන්දු යවන ක්‍රීඩක Khalil Ahmed නම් කර තිබෙනවා.

ආබාධ තත්ත්වයක් හේතුවෙන් ලද වෛද්‍ය නිර්දේශ මත දග පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විවේකයක් ලබා ගෙන ඇති බැවින් ඔහු මෙම තරගයට නම් කර නැහැ.

ආබාධයකට ලක් වීම හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක නවීඩ් සඩ්‍රාන්ට ද මෙම ටෙස්ට් තරගය අහිමි වී තිබෙනවා.

Afghanistan squad for New Zealand Test

Hashmatullah Shahidi (c), Ibrahim Zadran, Rahmat Shah, Abdul Malik, Riaz Hassan, Afsar Zazai (wk), Ikram Alikhil (wk), Bahir Shah, Shahidullah Kamal, Azmatullah Omarzai, Shams Ur Rahman, Zia-ur-Rehman, Zahir Khan, Qais Ahmad, Khalil Ahmad, Nijat Masood

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...