මාර්ක් වුඩ්ට 2024 වසරේ සියලු තරග අහිමි වෙයි

Date:

දකුණු වැලමිටෙහි සිදුව ඇති ආබාධයක් හේතුවෙන් එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මාර්ක් වුඩ්ට මෙම වසරේ සියලු ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ අනුව ඔහුට එළඹෙන පාකිස්තාන හා නවසීලන්ත තරග සංචාර ද ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ.

පාදයක ආබාධයකට ලක් වීම හේතුවෙන් ද ඔහුට ශ්‍රී ලංකාව සමග පැවැති දෙවැනි ටෙස්ට් තරගය මෙන්ම මේ දිනවල පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගය ද ක්‍රීඩා කිරීමට නොහැකි වුණා.

පෙබරවාරි මාසයේ දී පැවැත්වීමට නියමිත ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට ඔහු අපේක්ෂාවෙන් පසුවන බව එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...