Watch : ක්‍රිස් වෝක්ස් ශ්‍රී ලංකාවට එරෙහිව දග පන්දු යවපු හැටි

Date:

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ක්‍රිස් වෝක්ස්ට ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද(7) දිනයේ දී දග පන්දු යවන්නෙකු ලෙස පන්දු 4 ක් යොමු කිරීමට සිදු වුණා.

ඒ, අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් වේග පන්දු යැවීමේ හැකියාවක් නොමැති බවට විනිසුරුවන් විසින් එංගලන්ත කණ්ඩායමට දැනුම් දීම හේතුවෙන්.

දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දෙමින් සිටි එංගලන්තය කඩුලු 3 ක් දැවී ලකුණු 221 ක් ලබා සිටි අතර, එංගලන්ත ඉනිමේ සියලු දෙනා ලකුණු 325 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

තේ පානය සදහා තරගය නතර කරන විට ශ්‍රී ලංකාව කඩුලු පහක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 142 ක්.

ශ්‍රී ලංකා ඉනිමේ 7 වැනි පන්දුවාරයේ අවසන් පන්දු හතරයි ක්‍රිස් වෝක්ස්ට දග පන්දු යැවීමට සිදු වුණේ. ඒ, පළමු පන්දු දෙක යොමු කිරීමෙන් පසුව ක්‍රීඩාංගනයේ ආලෝක තත්ත්වය වේග පන්දු යැවීම සදහා සුදුසු මට්ටමක නොතිබූ බැවින්.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...