දාස් – මෙහිදි සම්බන්ධය හමුවේ බංග්ලාදේශය යළි සටනට

Date:

ලකුණු 26 ට කඩුලු හයක් දැවී යාමෙන් පසුව ලිටොන් දාස් හා මෙහිදි හසාන් මිරාස් අතර ගොඩ නැගුණු ලකුණු 165 ක අගනා සම්බන්ධතාවය හමුවේ පාකිස්තාන කණ්ඩායමට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී යළි සටනට අවතීර්ණ වීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අද(1) සමත් වුණා.

රාවල්පින්ඩිහී දී පැවැත්වෙන තරගයේ තෙවැනි දිනය වූ අද දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 10 ක් ලබා සිටි අතර, ඔවුන් පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 262 ක්.

ඒ, තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය සියලු දෙනා දැවී රැස් කළ ලකුණු 274 ට පිළිතුරු ලෙසයි.

බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුලු හය ලකුණු 26 ක් තුළ දවා ගැනීමට පාකිස්තානය සමත් වීම කැපී පෙනුණා. එහිදී සාකීර් හසාන් එක් ලකුණකටත්, ශඩ්මන් ඉස්ලාම් ලකුණු 10 කටත්, නජ්මුල් හොසේන් ලකුණු 4කටත්, මොමිනුල් හක් එක් ලකුණකටත්, මුෂ්ෆිකර් රහීම් ලකුණු 3කටත්, ශකිබ් අල් හසාන් ලකුණු දෙකකටත් දැවී ගියා.

නමුත් පසුව මෙහිදි හසාන් සමග අනර්ඝ සම්බන්ධතාවයක් පිහිටුවමින් ලිටොන් දාස් රැස් කළ ලකුණු සංඛ්‍යාව 138 ක්. ලිටොන් අද වාර්තා කළේ සිය සිව්වැනි ටෙස්ට් ශතකයයි. මෙහිදි ලකුණු 78 කට දැවී ගියා.

පන්දු යැවීමේ කුරාම් ශහ්සාඩ් කඩුලු හයක් දවා ගත් අතර, මීර් හම්සා හා සල්මන් ආගා කඩුලු දෙක බැගින් බිද හෙලුවා.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු දෙකක් දැවී ලකුණු 9ක් ලබා සිටියා. ඒ අනුව පාකිස්තානය මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 21 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...