මැන්චෙස්ටර් යුනයිටඩ් පරදා ලිවර්පූල් කණ්ඩායමට විශිෂ්ඨ ජයක්

Date:

එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලිය යටතේ පැවැති තරගයකින් මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම පරදා ගෝල 3-0 ක ජයක් වාර්තා කිරීමට ලිවර්පූල් කණ්ඩායම අද(1) සමත් වුණා.

තරගයේ පළමු අර්ධය නිමා වන විට ලිවර්පූල් කණ්ඩායම ඉදිරියෙන් පසු වුණේ ගෝල 2-0 ක් ලෙසයි.

Luis Díaz විසින් 35 වැනි මිනිත්තුවේ දී හා 42 වැනි මිනිත්තුවේ දී ගෝල දෙකක් රැස් කරමින් ලිවර්පූල් කණ්ඩායම පළමු අර්ධයේ දී ම පෙරමුණට රැගෙන ගියා.

දෙවැනි අර්ධයේ දී ක්‍රියාත්මක වූ Mohamed Salah 56 වැනි මිනිත්තුවේ දී ගෝලයක් රැස් කරමින් සිය කණ්ඩායමට විශිෂ්ඨ ජයක් හිමි කර දුන්නා.

මේ වන විට කණ්ඩායම් විස්සම තරග 3 බැගින් ක්‍රීඩා කර ඇති අතර, ප්‍රසාද ලකුණු සටහනට අනුව මැන්චෙස්ටර් සිටි කණ්ඩායම පළමු ස්ථානයේ ද, ලිවර්පූල් කණ්ඩායම දෙවැනි ස්ථානයේ ද රැදී සිටිනවා. මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට හිමිව ඇත්තේ 14 වැනි ස්ථානයේයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...