US Open : එවන්ස් හා ක්හචානෝෆ් අතර තරගය ඉතිහාසගත වෙයි

Date:

2024 ඇමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ දෙවැනි දිනයේ දී බ්‍රිතාන්‍යයේ ඩැනියල් එවන්ස් හා රුසියාවේ කරෙන් ක්හචානෝෆ් අතර පැවැති තරගය නව වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.

ඒ, ඇමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලි ඉතිහාසයේ පැවැති දීර්ඝතම (කාලය) තරගය ලෙසයි.

මෙම තරගය පැය පහයි මිනිත්තු 35 ක කාලයක් පැවැති අතර, තරගයෙන් 34 හැවිරිදි ඩැනියල් එවන්ස් ලකුණු 6-7 ක්, 7-6 ක්, 7-6 ක්, 4-6 ක් හා 6-4 ක් ලෙස ජය ගත්තා.

මේ අතර, 2021 වසරේ ඇමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල ශූරතාවය දිනා ගත් බ්‍රිතාන්‍යයේ එමා රදුකානුට මෙවර තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත් වීමට සිදු වුණා.

ඒ, ඇමෙරිකා එක්සත් ජනපදයේ සොෆියා කෙනින් හමුවේ 6-1, 3-6, 6-4 ක් ලෙස පරාජයට පත් වීමත් සමගයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...