දිවා ආහාරයට පෙර එංගලන්තයේ කඩුලු 3ක් බිද වැටෙයි

Date:

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(29) ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 3 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 97 ක්.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින ජෝ රූට් ලකුණු 29 ක් හා හැරී බෘෘක් ලකුණු 9 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පළමු කඩුල්ල ලෙස ඩෑන් ලෝරන්ස් ලකුණු 9කට දවා ගැනීමට ලහිරු කුමාර සමත් වුණා. නායක ඔලී පෝප් යළි අසාර්ථක වෙමින් මෙම ඉනිමේ දී රැස් කළේ එක් ලකුණක් පමණයි. අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේයි ඔහු දැවී ගියේ.

අනතුරුව ප්‍රභාත් ජයසූරිය විසින් බෙන් ඩකට් ලකුණු 40 කට දවා ගැනීමට සමත් වුණා. (දැවී ගිය කඩුලු තුනේ දර්ශන පහතින්)

මෙම තරගය සදහා ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් දෙකක් සිදු කර ඇති අතර, ඒ අනුව පළමු තරගයට ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් හා විශ්ව ප්‍රනාන්දු කණ්ඩායමෙන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඔවුන් දෙදෙනා වෙනුවට පැතුම් නිස්සංක හා ලහිරු කුමාර කණ්ඩායමට කැදවා තිබෙනවා.

අද තරගය වෙනුවෙන් එංගලන්තය ද එක් වෙනස්කමක් සිදු කර තිබෙනවා. ඒ අනුව පළමු තරගයේ දී ආබාධයකට ලක් වූ මාර්ක් වුඩ් වෙනුවට ඔලී ස්ටෝන් කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...