දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් දෙකක්

Date:

එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබෙනවා.

පළමු තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම හා සැසදීමේ දී මෙම කණ්ඩායමට වෙනස්කම් දෙකක් සිදු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව මුල්පෙල පිතිකරුවෙකු වන පැතුම් නිස්සංක හා වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර කණ්ඩායමට කැදවීමට පියවර ගෙන ඇති අතර, ඔවුන් දෙදෙනා වෙනුවට කණ්ඩායමෙන් ඉවත් කර ඇත්තේ අංක 3 පිතිකරු කුසල් මෙන්ඩිස් හා ‌වමත් වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දුයි.

පළමු තරගයේ දී ඇගිල්ලක ආබාධයකට ලක් වූ දිනේෂ් චන්දිමාල් මේ වන විට සුවය ලබා ඇති බැවින් හෙට තරගය සදහා ඔහු ද ක්‍රීඩා කරනවා.

කෙසේ වෙතත්, කඩුලු රැකීමේ කාර්යය බොහෝ විට නිශාන් මදුෂ්ක විසින් සිදු කිරීමට ඉඩ පවතිනවා.

දෙරට අතර පැවැත්වෙන තරග ‌තුනකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙන් එංගලන්තය කඩුලු පහක ජයක් වාර්තා කළ අතර, දෙවැනි ටෙස්ට් තරගය හෙට (29) ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම –

1. Dimuth Karunaratne
2. Nishan Madushka
3. Pathum Nissanka
4. Angelo Mathews
5. Dinesh Chandimal
6. Dhananjaya De Silva – Captain
7. Kamindu Mendis
8. Prabath Jayasuriya
9. Asitha Fernando
10. Lahiru Kumara
11. Milan Rathnayake

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...