හිටපු ලොව අංක එකේ පිතිකරු මලාන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

එංගලන්ත පිතිකරු ඩාවිඩ් මලාන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

36 හැවිරිදි ඔහු එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 22 ක්, එක්දින තරග 30 ක් හා විස්සයි 20 තරග 62 ක් ක්‍රීඩා කළා.

2020 වසරේ දී ඔහු විස්සයි 20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය ද හිමි කර ගත් අතර, විස්සයි 20 ජාත්‍යන්තර පිටියේ දී ලකුණු 1,000 සීමාව පසු කිරීමට අවම ඉනිම් සංඛ්‍යාවක් (24) වැය කළ පිතිකරුවා වන්නේ ද ඔහුයි.

ජොස් බට්ලර් හැරුණු විට එංගලන්තය ‌වෙනුවෙන් තරග රටා ත්‍රිත්වයෙන්ම ශතක රැස් කර ඇති එකම අනෙක් පිතිකරුවා වන්නේ ඩාවිඩ් මලාන්.

ඔහු 2022 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලන තරගාවලිය ජය ගත් එංගලන්ත කණ්ඩායමේ ද සාමාජිකයෙකු ලෙස කටයුතු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...