ස්ටබ්ස්, හෝප්, පූරාන් හා හෙට්මයර් කොදෙව්වන්ට 3-0 ක තරගාවලි ජයක් හිමි කර දෙයි

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය තරග 3-0 ක් ලෙස ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති ‌අවසන් විස්සයි 20 තරගයෙන් කොදෙව්වන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ කඩුලු අටක ජයක් වාර්තා කිරීමත් සමගයි.

ට්‍රිනිඩෑඩ්හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගනයේ පැවැති තරගය වර්ෂාවෙන් බාධා එල්ල වූ බැවින් ප්‍රමාද වී ආරම්භ වූ අතර, කාසියේ වාසිය දිනා ගත් කොදෙව්වන් පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

දකුණු අප්‍රිකා ඉනිමේ 5 වැනි පන්දුවාරයේ දී තරගයට යළි වර්ෂාවෙන් බාධා එල්ල වූ බැවින් තරගයේ එක් ඉනිමක් පන්දුවාර 13 කට සීමා කෙරුණා.

දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 13 නිමා කළේ කඩුලු 4 ක් දැවී ලකුණු 108 ක් ලබා ගනිමින්. ට්‍රිස්ටන් ස්ටබ්ස් පන්දු 15 කින් ලකුණු 40 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 3ක් හා හතරේ පහර 5 ක් සමගින්.

පන්දු යැවීමේ දී රොමාරියෝ ෂෙපර්ඩ් ලකුණු 14 කට කඩුලු දෙකක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන්ට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ පන්දුවාර 13 කදී තරගය ජය ගැනීමට හිමි වූ ඉලක්කය ලකුණු 116 ක්. ඔවුන් එය පන්දුවාර 9.2 ක් පමණක් වැය කරමින් කඩුලු දෙකක් දැවී සිටියදී සපුරා ගැනීමට සමත් වුණා.

ෂේයි හෝප් නොදැවී ලකුණු 42(24) ක්, නිකලස් පූරාන් ලකුණු 35 (13) ක් හා ශිම්රන් හෙට්මයර් නොදැවී ලකුණු 31(17) ක් රැස් කළා.

2023 වසරේ මාර්තු මාසයේ සිට මේ දක්වා දෙරට අතර විස්සයි 20 තරග 10 ක් පවත්වා ඇති අතර, ඉන් තරග අටක්ම ජය ගැනීමට කොදෙව්වන් සමත්ව තිබීම විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...