දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකාවෙන් එක් වෙනස්කමක් ?

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට(29) ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මෙම තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමෙන් බොහෝ දුරට එක් වෙනස්කමක් සිදු වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පළමු තරගයේ දී මුල් පෙල පිතිකරුවන් අසාර්ථක වීම හේතුවෙන් ඊට පිළියමක් ලෙස පැතුම් නිස්සංක කණ්ඩායමට කැදවීමට නියමිතව ඇති බව සදහන්.

ඔහු වෙනුවට කුසල් මෙන්ඩිස් හෝ නිශාන් මදුෂංක කණ්ඩායමෙන් ඉවත් කිරීමට පියවර ගනු ඇති.

දිනේෂ් චන්දිමාල් පළමු තරගයේ දී ඇගිල්ලක ආබාධයකට ලක් වූ බැවින් ඔහු දෙවැනි තරගයේ දී කඩුලු රකින පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා නොකරන බවයි වාර්තා වන්නේ.

චන්දිමාල් මේ වන විට පුහුණුවීම් කටයුතු ආරම්භ කර ඇති අතර, ඒ අනුව ඔහු හෙට තරග‌යේ දී පිතිකරුවෙකු ලෙස පමණක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

චන්දිමාල් වෙනුවට පළමු ටෙස්ට් තරගයේ එංගලන්ත දෙවැනි ඉනිමේ දී කඩුලු රැකීමේ කාර්යය කුසල් මෙන්ඩිස් විසින් සිදු කළ අතර, ඒ අනුව මෙන්ඩිස් දෙවැනි තරගයට ක්‍රීඩා නොකළහොත් නිශාන් මදුෂ්කට කඩුලු රැකීමේ වගකීම පැවරෙනු ඇති.

අද පැවැත්වෙන පුහුණුවීම්වලින් පසුව පැතුම් නිස්සංක වෙනුවට කණ්ඩායමෙන් ඉවත් කරන්නේ කුසල් මෙන්ඩිස් ද, නැතහොත් නිශාන් මදුෂ්ක ද යන්න තීරණය කිරීමට නියමිත බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...