ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සැනසුම්දායක ජයක්

Date:

අයර්ලන්ත කාන්තා කණ්ඩායම සමග පැවැති තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු අටක ජයක් වාර්තා කරමින් අයර්ලන්ත සංචාරයට සැනසුම්දායක අවසානයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකි වුණා.

Belfast හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තයට පන්දුවාර 46.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 122 ක් පමණයි.

Arlene Kelly ලකුණු 35 ක් හා Leah Paul ලකුණු 19 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී අචිනි කුලසූරිය හා චමරි අතපත්තු කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 23.1 ක් අවසානයේ කඩුලු දෙකක් දැවී ලකුණු 123 ක් ලබා ජයග්‍රහනය තහවුරු කර ගත්තා.

විශ්මි ගුණරත්න ලකුණු 9කට දැවී ගිය අතර, නායිකා චමරි අතපත්තු ලකුණු 48 කට දැවී ගියා. හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 48 යි.

ඒ අනුව දෙරට අතර පැවැති පළමු එක්දින තරග දෙක ජය ගත් අයර්ලන්තය තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...