T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගය ඇතුළු තරග 3ක් ගැන අයි.සී.සීයෙන් නිවේදනයක්

Date:

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග තුනක් සදහා යොදා ගත් තණතීරු “අසතුටුදායක” (unsatisfactory) බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් තීරණය කර තිබෙනවා.

තරගාවලිය යටතේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හි Nassau County ක්‍රීඩාංගනයේ පැවැති පළමු තරග දෙක සදහා හා කොදෙව් දූපත්හි Tarouba හි Brian Lara Academy ක්‍රීඩාංගනයේ පැවැති ඇෆ්ඝනිස්තාන – දකුණු අප්‍රිකා අවසන් පූර්ව තරගය සදහා යොදා ගත් තණතීරු මෙලෙස “අසතුටුදායක” ලෙස වර්ගීකරණය කිරීමටයි අයි.සී.සීය පියවර ගෙන ඇත්තේ.

නිව්යෝර්ක්හි පැවැති පළමු තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 77 කට දැවී ගිය අතර, දෙවැනි තරගයේ දී ඉන්දියාව හමුවේ අයර්ලන්තය ලකුණු 96 කට දැවී ගියා.

දෙවැනි තරගයේ දී පන්දුව ඉපිලීම සම්බන්ධයෙන් පැවැති අනපේක්ෂිත බව හේතුවෙන් පිතිකරුවන් කිහිපදෙනෙකුම පන්දුව ශරීරයේ වැදීම හේතුවෙන් සුළු ආබාධවලට ද ලක් වුණා.

රෝහිත් ෂර්මාට ද එවැනි ආබාධයක් හේතුවෙන් එම තරගය අතරතුර දී පිටියෙන් ඉවත් වීමටයි සිදු වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...