ශ්‍රී ලංකාවට තවත් පුහුණු තරගයක් ඕනේ වුණා, නමුත් ලැබුණේ නෑ : ධනංජය

Date:

එංගලන්තයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට පෙර එක් පුහුණු තරගයකට වඩා ක්‍රීඩා කිරීමට සිය කණ්ඩායමට අවශ්‍ය වූ නමුත් එම අවස්ථාව හිමි නොවූ බව ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා පවසනවා.

අද(21) මැන්චෙස්ටර්හී දී ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරගය පිළිබද දැනුවත් කිරීම සදහා පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව සදහන් කළා.

අත්දැකීම් අවම එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමග ශ්‍රී ලංකා කණ්ඩායම සිව්දින පුහුණු තරගයට පසුගියදා ක්‍රීඩා කළ අතර, එම තරගයෙන් ශ්‍රී ලංකාවට අත්වුණේ කඩුලු හතක පරාජයක්.

පළමු ඉනිමේ දී ලකුණු 139 කට ශ්‍රී ලංකා පිල දැවී ගිය නමුත්, දෙවැනි ඉනිමේ දී නිශාන් මදුෂ්ක, ඇන්ජෙලෝ මැතිව්ස් හා ධනංජය ද සිල්වා අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුණා.

එම පුහුණු තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 8 දෙනෙකු Emirates Old Trafford හී දී අද ආරම්භ වන පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන අතර, 28 හැවිරිදි වේග පන්දු යවන ක්‍රීඩක මිලාන් රත්නායක ද අද තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගැනීමට නියමිතයි.

පුහුණු තරගයට ක්‍රීඩා නොකළ අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු හා කමිදු මෙන්ඩිස් පළමු ටෙස්ට් තරගය සදහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

“තත්ත්වය ආසියාතික රටවලට වඩා හාත්පසින්ම වෙනස්.” යනුවෙන් ධනංජය ද සිල්වා සදහන් කළා. “අපිට (පුහුණු) තරග කිහිපයක් ක්‍රීඩා කිරීමට අවශ්‍ය වුණා, නමුත් අපිට ලැබුණේ එයයි. අපි අපේ හොදම කණ්ඩායම සමග පුහුණු තරගය ක්‍රීඩා කළේ නැහැ. අපි ක්‍රීඩකයින් කිහිපදෙනෙකු අත්හදා බැලුවා. ප්‍රතිපලය අපේ පැත්තට ආවේ නෑ. නමුත් මම හිතන්නේ අපිට සූදානමක් (පුහුණුවක්) ලැබුණා. ඒක මේ තරගයේ දී සාර්ථක වෙයි”

දෙවැනි පුහුණු තරගයක් ශ්‍රී ලංකාවට නොලැබීමට හේතුව තමන් නොදන්නා බව ද ධනංජය කියා සිටියා.

“මට ඒ ගැන අදහසක් නෑ. සමහරවිට බොහෝ කලකට පසුව තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කරන නිසා විය හැකියි ; සමහර විට ඒක නිසා වෙන්න ඇති.”

ශ්‍රී ලංකාව මෙලෙස තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කරනු ලබන්නේ 2018 වසරෙන් පසුව පළමු වරට වීම විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...