කාන්තා T20 ලෝක කුසලානයේ සත්කාරකත්වය බංග්ලාදේශයට අහිමි වෙයි

Date:

2024 කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය බංග්ලාදේශයට අහිමි වී තිබෙනවා.

ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ මෙවර ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට තීරණය කළ බවයි.

තරගාවලිය සිය රටේ දී නොපැවැත්වුව ද, තරගාවලියේ නිල සත්කාරක අයිතිය තවදුරටත් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සතු වනවා.

බංග්ලාදේශය පුරා ඇති වූ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ හමුවේ පසුගියදා එරට ආණ්ඩුව බිද වැටුණු අතර, පසුව අන්තර්කාලීන ආණ්ඩුවක් මේ වන විට එරට පාලන කටයුතු සිදු කරනු ලබනවා.

කෙසේ වෙතත්, තවදුරටත් එරටින් ප්‍රචන්ඩකාරී සිදු වීම් වාර්තා වන බව සදහන්.

ඒ අනුව ඇතැම් රටවල් විසින් බංග්ලාදේශයේ සංචාරය කිරීම සදහා සිය පුරවැසියන්ට තවදුරටත් සීමා පනවා ඇති බැවින් මෙම ලෝක කුසලාන තරගාවලිය බංග්ලාදේශයේ පැවැත්වීමට නොහැකි වී තිබෙනවා.

තරගාවලිය ශ්‍රී ලංකාවේ දී හා සිම්බාබ්වේ දී පැවැත්වීම සම්බන්ධයෙන් ද මීට පෙර අවධානය යොමුව තිබුණා.

2024 කාන්තා විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට රටවල් 10 ක් ක්‍රීඩා කරන අතර, තරගාවලියේ සියලු තරග ඩුබායි හා සාජා හී දී ඔක්තෝබර් 3 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...