ඉන්දීය වේග පන්දුවේ වගකීම දකුණු අප්‍රිකානුවෙකුට

Date:

දකුණු අප්‍රිකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක මෝර්නි මෝර්කල් ඉන්දීය පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.

පසුගිය සති කිහිපයේ දී ම අදාළ තනතුර සදහා ඔහුව පත් කරනු ඇති බවට වාර්තා පලව තිබූ අතර, ඔහු නිල වශයෙන් පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත් කළ බව අද(14) දිනයේ දී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ශාහ් විසින් තහවුරු කළා.

ඉන්දීය හිටපු වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන Paras Mhambrey වෙනුවටයි මෝර්කල් අදාළ ධූරයට පත් කරනු ලැබුවේ.

ගෞතම් ගම්භීර්ගේ ප්‍රධාන පුහුණුකාරීත්වයෙන් යුත් ඉන්දීය පුහුණු කාර්යය මණ්ඩලයට සහාය පුහුණුකරුවන් ලෙස අභිෂේක් නයාර් හා Ryan ten Doeschate ද ඇතුළත් අතර, පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ටී දිලිප් කටයුතු කරනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...