2028 දී එංගලන්තය හා ස්කොට්ලන්තයෙන් ඒකාබද්ධ ක්‍රිකට් කණ්ඩායමක්

Date:

2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහා බ්‍රිතාන්‍ය නියෝජනය කරමින් ක්‍රීඩා කරන පිරිමි හා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් සකස් කර ගැනීමේ සැලසුම් සම්බන්ධයෙන් එංගලන්ත ක්‍රිකට් ආයතනය හා ස්කොට්ලන්ත ක්‍රිකට් ආයතනය අතර සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් සදහා මෙලෙස ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් වන්නේ 1900 වසරෙන් පසුව පළමු වරටයි.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කාන්තා හා පිරිමි ක්‍රිකට් තරගාවලි සදහා රටවල් 6 බැගින් ඇතුළත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය යෝජනා කර තිබෙනවා.

එම කණ්ඩායම් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගන්නා ආකාරය සම්බන්ධයෙන් ද මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නොමැති අතර, අයි.සී.සී ශ්‍රේණිගත කිරීම් මත බොහෝ කණ්ඩායම් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමට ඉඩ තිබෙනවා.

එංගලන්තය ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගතහොත් ඔවුන්ට මහා බ්‍රිතාන්‍ය ලෙසයි ක්‍රීඩා උළෙලට සහභාගී වීමට සිදුවන්නේ.

ඒ අනුව එංගලන්තයෙන් හා ස්කොට්ලන්තයෙන් ඒකාබද්ධ කණ්ඩායමක් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලි සදහා ඉදිරිපත් කරනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...