ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එක්දින ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

Date:

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් සිය නවතම එක්දින ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අද(14) නිවේදනය කළා.

ඊට අනුව නිමා වූ ඉන්දීය තරගාවලියේ දී ඉහළ දක්ෂතා දැක් වූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.

ඉන්දීය නායක රෝහිත් ෂර්මා ද දෙවැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ ඇති අතර, පාකිස්තානයේ බාබර් අසාම් තවදුරටත් එහි පෙරමුණේ පසුවනවා.

ෂුබ්මන් ගිල් තෙවැනි ස්ථාන දක්වා පසුබැස ඇත්තේ එක් ස්ථානයකින්. විරාත් කෝලි සිව්වැනි ස්ථානයේ රැදී සිටිනවා.

චරිත් අසලංක 17 වැනි ස්ථානයේ රැදී සිටින අතර, කුසල් මෙන්ඩිස් 39 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන පහකින්.

අවිශ්ක ප්‍රනාන්දු ස්ථාන 20 කින් ඉදිරියට පැමිණෙමින් 68 වැනි ස්ථානය හිමි කර ගෙන සිටිනවා.

මේ අතර, දුනිත් වෙල්ලාලගේ එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 59 වැනි ස්ථානය දක්වා ස්ථාන 17 කින් ඉදිරියට පැමිණීමට ද සමත්ව ඇති බවයි අයි.සී.සීය සදහන් කළේ.

ඉන්දියාව පරදා ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා තරග 2-0 ක ඓතිහාසික තරගාවලි ජයග්‍රහනයක් වාර්තා කළ අතර, එම ජයත් සමග එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ද හැකියාව ලැබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...