ශ්‍රී ලංකාවට නව පිතිකරණ පුහුණුකරුවෙක් – කමිදුට පුහුණු තරගය අහිමි වෙයි

Date:

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස එංගලන්ත හිටපු ක්‍රීඩක ඉයන් බෙල් පත් කර තිබෙනවා.

මෙවර එංගලන්ත තරග සංචාරය වෙනුවෙන් පමණක් මෙම පත් කිරීම සිදු කර ඇති අතර, ඒ අනුව ඔහු එළඹෙන 16 වැනිදා සිට කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස සිය කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

අගෝස්තු 21 වැනිදා ආරම්භ වන තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලිය අවසන් වන තුරු ඔහු එම ධූරයේ කටයුතු කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

2020 වසරේ දී ජාත්‍යන්තර පිටියට සමු දීමෙන් පසුව ඉයන් බෙල් පුහුණුකරුවෙකු ලෙස කණ්ඩායම් රැසක කටයුතු කර තිබෙනවා.

එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ පිරිමි කණ්ඩායමේ හා එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කර ඇති ඔහු, Hobart Hurricanes කණ්ඩායමේ සහාය පුහුණුකරුවෙකු ලෙසත්, Derbyshire කණ්ඩායමේ උපදේශක පිතිකරණ පුහුණුකරු ලෙසත්, නවසීලන්ත කණ්ඩායමේ සහාය පුහුණුකරුවෙකු ලෙසත් කටයුතු කළා.

Melbourne Renegades කණ්ඩායමේ ද සහාය පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ ඉයන් බෙල් Birmingham Phoenix කණ්ඩායමේ සහාය පුහුණුකරුවෙකු ලෙස ද කටයුතු කරනවා.

මේ අතර, එංගලන්ත තරග සංචාරය සදහා නම් කෙරුණු ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටින කමිදු මෙන්ඩිස්ට මෙතෙක් එංගලන්තයට පිටත්ව යාම සදහා අවශ්‍ය වීසා බලපත්‍ර ලැබී නොමැති බව වාර්තා වනවා.

ඒ අනුව හෙට(14) ආරම්භ වන සිව්දින පුහුණු තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමි වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...