තෝර්ප්ගේ මරණය සිය දිවි හානි කර ගැනීමක්

Date:

එංගලන්ත හිටපු ක්‍රීඩක ග්‍රැහැම් තෝර්ප්ගේ මරණය සිය දිවි නසා ගැනීමක් බව ඔහුගේ පවුලේ සාමාජිකයින් විසින් තහවුරු කර තිබෙනවා.

ඔහු මානසික අවපීඩනයෙන් (depression) පෙලෙමින් සිටි පසුබිමකයි ග්‍රැහැම් තෝර්ප් මෙලෙස සිය දිවි හානි කර ගෙන ඇත්තේ.

පුවත්පතක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඔහුගේ පවුලේ සාමාජිකයින් මෙම තොරතුරු අනාවරණය කර තිබෙනවා.

“අපි ඒ ගැන කතා කරන්න ලැජ්ජා වෙන්නේ නැහැ. සැඟවීමට කිසිවක් නැහැ, එය අපකීර්තියක් නෙවෙයි.” යනුවෙන් ග්‍රැහැම් තෝර්ප්ගේ වැඩිමහල් දියණිය සදහන් කළා.

මිය යන විට 55 වැනි වියේ පසු වූ ‌තෝර්ප් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 100 ක් හා එක්දින තරග 82 ක් ක්‍රීඩා කර තිබුණා.

2021-22 අළුබදුන තරගාවලිය දක්වා ග්‍රැහැම් තෝර්ප් එංගලන්ත කණ්ඩායමේ සහාය පුහුණුකරුවෙකු ලෙස ද කටයුතු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...