එංගලන්ත නායකයා ශ්‍රී ලංකා තරගාවලියෙන් ඉවතට – නව නායකයෙකු නිවේදනය කෙරේ

Date:

එංගලන්ත ටෙස්ට් නායක බෙන් ස්ටොක්ස්ට ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, මෙවර හන්ඩ්‍රඩ් තරගාවලිය යටතේ පසුගිය ඉරිදා පැවැති තරගයකදී Northern Superchargers කණ්ඩායම නියෝජනය කරමින් පිතිකරණයේ නිරතව සිටියදී ඔහුගේ වම් පාදයේ සිදු වූ ආබාධය හේතුවෙන්.

අද(13) දිනයේ දී ‌බෙන් ස්ටොක්ස් වෛද්‍ය පරීක්ෂණවලට ලක්ව ඇති අතර, එහිදී ලද වෛද්‍ය වාර්තා අනුව මෙම ආබාධය නිසා ඔහුට මෙවර ගිම්හාන තරග වාරයේ ඉතිරි සියලු තරග අහිමි වන බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

එංගලන්ත – ශ්‍රී ලංකා තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලිය එළඹෙන 21 වැනිදා මැන්චෙස්ටර් හී දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

එම තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතයට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය කටයුතු කර නැහැ.

ස්ටොක්ස් තරගාවලියට ක්‍රීඩා නොකරන බැවින් ඔලී පෝප් ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්ත කණ්ඩායම මෙහෙයවීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...