තෙවැනි T20I තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – චමිදුට ජාත්‍යන්තර වරම්

Date:

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් ඉන්දීය කණ්ඩායමට පළමුව පන්දුවට පහර දීම සදහා අවස්ථාව ලබා දීමටයි තීරණය කළේ.

තරගය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර, වර්ෂාව හේතුවෙන් තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට හැකි වූයේ නැහැ.

පස්වරු 6:30 ට කාසියේ වාසිය උරගා බැලීම සිදු කළ යුතුව තිබූ නමුත්, කාසියේ වාසිය උරගා බැලීමට සිදු වූයේ රාත්‍රී 7:40 ටයි. තරගය රාත්‍රී 8:00 ට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

මෙම තරගය සදහා ශ්‍රී ලංකාවෙන් එක් වෙනස්කමක් සිදු කර ඇති අතර, ඒ අනුව දසුන් ශානක වෙනුවට චමිදු වික්‍රමසිංහ කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ. මෙය චමිදු ක්‍රීඩා කරන මංගල ජාත්‍යන්තර විස්සයි 20 තරගයයි.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් අද තරගය සදහා වෙනස්කම් 4 ක් සිදු කර තිබෙනවා. ඒ අනුව හර්ඩික් පාන්ඩ්යා, අක්සාර් පටෙල්, රිෂාබ් පාන්ට් හා අර්ෂ්දීප් සිං අද තරගයෙන් විවේක ගැන්වීමටයි තීරණය කර ඇත්තේ.

ඔවුන් වෙනුවට ෂුබ්මන් ගිල්, ශිවම් ඩූබේ, වොෂින්ටන් සුන්දර් හා කලීල් අහ්මඩ් කණ්ඩායමට කැදවා තිබෙනවා.

කණ්ඩායම් දෙක –

Sri Lanka XI:

P. Nissanka, K. Mendis (wk), K. Perera, K. Mendis, C. Asalanka (c),C. Wickramasinghe, W. Hasaranga, R. Mendis, M. Theekshana, M. Pathirana, A. Fernando

India XI:

S. Gill, Y. Jaiswal, S. Samson (wk), S. Yadav (c), S. Dube, R. Singh, R. Parag, W. Sundar, R. Bishnoi, K. Ahmed, M. Siraj

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...