SL v IND : නව නායකයෙකු සමග ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ

Date:

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නව නායකයා ලෙස චරිත් අසලංක පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ක්‍රිකට් ආයතනය මේ බව තහවුරු කර සිටියේ ඉන්දියාව සමග ආරම්භ වීමට නියමිත එක්දින තරගාවලිය සදහා වන ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කරමින්.

මෙතෙක් එක්දින කණ්ඩායමේ නායකයා ලෙස කුසල් මෙන්ඩිස් කටයුතු කළ නමුත්, පිතිකරුවෙකු ලෙස ඔහුගේ දක්ෂතා ප්‍රමාණවත් මට්ටමක පැවතුණේ නැහැ.

එක්දින සංචිතය සදහා නිශාන් මදුෂ්ක නම් කර ඇති අතර, චාමික කරුණාරත්න ද සංචිතයේ ස්ථානයක් හිමි කර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාව අවසන් වරට ක්‍රීඩා කළ එක්දින තරගාවලිය වූ බංග්ලාදේශ තරගාවලිය සදහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි සහන් ආරච්චිගේ, ප්‍රමෝද් මදුෂාන් හා ලහිරු කුමාර මෙම සංචිතයට ඇතුළත් කර නැහැ.

ප්‍රමෝද් හා කුමාර වෙනුවට සංචිතයට කැදවා ඇත්තේ අසිත ප්‍රනාන්දු හා මතීෂ පතිරණයි.

දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය අගෝස්තු 2, 4 හා 7 යන දිනවලදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

The Squad
1) Charith Asalanka– Captain
2) Pathum Nissanka
3) Avishka Fernando
4) Kusal Mendis
5) Sadeera Samarawickrama
6) Kamindu Mendis
7) Janith Liyanage
8) Nishan Madushka
9) Wanindu Hasaranga
10) Dunith Wellalage
11) Chamika Karunaratne
12) Maheesh Theekshana
13) Akila Dananjaya
14) Dilshan Madushanka
15) Matheesha Pathirana
16) Asitha Fernando

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...